පුවත්

174-255 බස්රථ වර්ජනය අවසන්

Published

on

අඛණ්ඩව දින තුනක් පුරා පැවැති කොට්ටාව – බොරැල්ල(174) හා කොට්ටාව – ගල්කිස්ස(255) පෞද්ගලික බස්රථ වර්ජනය අවසන් කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

ඉකුත් 19 දා උදෑසන ආරම්භ කර තිබූ මෙම බස්රථ වර්ජනයට හේතුව වී තිබුණේ පිළියන්දල සිට 255 බස් මාර්ගය හරහා පැමිණ 174 බස් මාර්ගය ඔස්සේ පිටකොටුව දක්වා සුඛෝපබෝගී බස් රථයක් ධාවනයට යෙදවීමයි.

මේ සම්බන්ධයෙන් අදාළ බස්රථ සංගම් සමඟ  සාකච්ඡා කිරීමේ දී ඔවුන් පවසා සිටියේ සුඛෝපභෝගී බස් රථය ඉවත් කරන තෙක් තම බස් රථ ධාවනය නොකරන බවයි.

මේ හේතුවෙන් අපහසුතාවයට පත් පත්වූ මගී ජනතාවට ප්‍රවාහන සේවා සැපයීමට ශ්‍රී ලංගම බස් බස්රථ යෙදවීමට පියවර ගත් බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

අදාල සුඛෝපභෝගී බස් රථය නිසි ටෙන්ඩර් ක්‍රමවේදයට අනුව යොදවා තිබීම නිසා අත්තනෝමතික ලෙස ටෙන්ඩරය අහෝසි කිරීමට නොහැකි වීමෙන් දින තුනක් පුරා කොට්ටාව-ගල්කිස්ස(255) හා කොට්ටාව-බොරැල්ල (174) මාර්ග වල බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබුණි.

Trending

Exit mobile version