පුවත්

2019 සිට තවත් මිලියන 122ක් කුසගින්නේ!

Published

on

වසර 2019 කොවිඩ් වසංගත තත්ත්වයට පසුව ලොව පුරා මිලියන 122කට වැඩි ජනගහනයක් කුසගින්නෙන් පෙළෙන බව ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මිලියන 691 – 783ක ජනගහනයක් (මිලියන 735ක මධ්‍යම පරාසයක්) වසර 2022දී කුසගින්නෙන් පසුවූ බව එම වාර්තාව සඳහන් කරයි.

මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන පහ විසින් ඊයේ (12) දින නිකුත් කර ඇත.

වත්මන් තත්ත්වය එලෙසින්ම පැවතුනහොත් 2030 වනවිට කුසගින්නෙන් පෙළෙන්නන්ගෙන් තොර ලෝකයක් බිහි කිරීමේ ගෝලිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට බලවත් තර්ජනයක් වන බවද මෙම ආයතන අනතුරු අඟවයි.

Trending

Exit mobile version