පවතින අධික වැසිබර කාලගුණය සමග ඉහළ යන දියවන්නා ඔයේ ජල මට්ටම හමුවේ පාර්ලිමේන්තු සංකීර්ණයද ජලයෙන් යටවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පියවර ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයාගේ ඉල්ලීම මත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිවිසුම් මාර්ගය යටවීම මෙන්ම එහි බිම් මහලට ජලය කාන්දු වීම වැළැක්වීම සඳහා වැලි කොට්ට අතුරා අවශ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගනු ලැබූ බව යුද හමුදාව පවසයි.
තවද, පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණියහොත් මුලින්ම යට වන්නේ පහළින් පිහිටි කමිටු කාමර වන බැවින් ආරක්ෂක පියවරක් ලෙස එම කාමර වල පුටු මේස සියල්ල පළමු මහලට රැගෙන යාමටද පාර්ලිමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත.
මේ අතර, දියවන්නාවේ ජල මට්ටම පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායමක් සහ පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් නිරන්තර සෝදිසියෙන් පසුවෙන බව වාර්තා වේ.