Connect with us

පුවත්

ඛනිජ තෙල් සේවකයින් අද ලෙඩ නිවාඩු

Published

on

ඛනිජ තෙල් වෘත්තිය සමිති අද (18) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටිමට තීරණය කර තිබේ.

ඒ, අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවයි.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඛනිජ තෙල් බෙදා හැරිමේ කටයුතුවලට බාධා මතුවිය හැකි බව ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අශෝක රංවල මහතා සඳහන් කළේ ය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ඛනිජ තෙල් සේවාව පසුගිය මාස 6 තුළ අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර ඇති බවය.

යම් කිසි සේවකයෙක් හෝ වෘත්තීය සමිතියක් එම සේවා කඩාකප්පල් කළහොත් නීතිමය හා විනයානුකූල පියවර ගන්නා බව කංචන විජේසේකර මහතා පවසයි.

පුවත්

සා / පෙළට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක්

Published

on

By

සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බවත් එබැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සඳහන් කළේය.

එමෙන්ම සමාජ සවිබලගැන්වීම් උදෙසා අධ්‍යාපන සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට ද කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

“සමාජය සවිබලගැන්වීම සඳහා අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතු බව අප විසින් ඉදිරිපත් කළ ප්‍රධාන මතවාදයක් ලෙස දැක්විය හැකියි. ඊට අනුව සාමාන්‍ය පෙළ ගණිතය, ආගම සහ භාෂාව වැනි විෂයන් අසමත් වූවත් ඔවුන් විභාගය අසමත්වූවන් ලෙස නොසැලකිය යුතුයි. එබැවින් අ.පො.ස සාමාන්‍ය ‍පෙළ විභාගයේ විෂය මාලාවට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය සමාජය පිළිගත් අදහසක් ලෙස ද හැඳින්විය හැකියි. ඒ අනුව නව වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව කුසලතා පූර්ණ වෘත්තිකයෙකු බිහි කිරීමට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී සිදුවන බව සඳහන් කළ යුතුයි.”

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

Continue Reading

පුවත්

මැතිවරණයට පෙර විසඳිය යුතු දේ ගැන ජනපති හා පක්ෂ නායකයින්ට ලිපියක්

Published

on

By

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් අද (21) දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

ඔවුන් තම ඉල්ලීම ලෙස ජනාධිපතිතුමන් ඇතුළු සියලුම පක්ෂ නායකයින්ගෙන් ආයාචනා කර සිටින්නේ මීළඟ මැතිවරණයට පෙර ජනවාර්ගික අසහනය විසඳන ලෙසය.

එමෙන්ම රටේ අනාගත යහපත උදෙසා පොදු ජාතික අභිලාෂයන් පෙරටුකර ගත් ඒකාබද්ධ ප්‍රයත්නයකට යොමු විය යුතු බව ඔවුන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලබයි.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්

Published

on

By

බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් ඊයේ (20) පෙරවරුවේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත විය.

අද (21) දහවල් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් සහ වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

අධිකරණ කටයුතු අඩාල වීමට ඉඩ නොතබන ලෙසත්, බන්ධනාගාර කටයුතු සඳහා බාධා වන ආකාරයට කටයුතු නොකරන ලෙසත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එහිදී ඔවුන්ට දැනුම්දී ඇත.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 20 වනදා සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණ බැවින් එය ඉටුකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීමට තමන් කටයුතු කරන බවයි.

අධිකරණ අමාත්‍යවරයා විසින් ලබා දුන් එම පොරොන්දුව පිළිබඳව විශ්වාසය තබමින් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර සේවයට වාර්තා කරන බව වර්ජනයේ නිරත නිලධාරින් සඳහන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved