Connect with us

කලා

2022 බුකර් සම්මානය ලංකාවේ ෂෙහාන් කරුණාතිලකට

Published

on

2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක මහතාට හිමිව තිබේ.

ඒ, ඔහු විසින් රචිත ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ (The Seven Moons of Maali Almeida) නැමැති කෘතිය වෙනුවෙනි.

චාල්ස් රජු ගේ රාජකීය මෙහෙසිය වන කැමිලා විසින් මෙම ත්‍යාගය ප්‍රදානය කර ඇත.

ලංකාවේ යුද්ධයේ කෲරත්වය පෙන්වන ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ යනු මෙරට පැවති සිවිල් යුද්ධයේදී මිය ගිය ඡායාරූප ශිල්පියෙකු වටා ගෙතුනු කතාපුවතකි. මරණයෙන් අවදි වන ඔහුට සිය මිතුරන් හමුවී සිය මරණය සම්බන්ධයෙන් තමාට ඇති ගැටළු විසඳාගැනීමට සතියක කාලයක් හිමිවේ.

එක්සත් රාජධානියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළකරන ග්‍රන්ථ මෙම සම්මානය සඳහා සලකා බැලෙන අතර, ජයග්‍රාහී කෘතිය වෙනුවෙන් පවුම් 50,000ක මුදල් ත්‍යාගයක් හිමිවේ. කෙටි ලැයිස්තුවේ සිටින අනෙක් කතුවරයන් පස්දෙනා සඳහාද පවුම් 2,500ක මුදල් ත්‍යාගයක් බැගින් ලබාදෙයි.

සිය ත්‍යාගය පිළිගැනීමේදී කරුණාතිලක මහතා පවසා ඇත්තේ මෙසේය : “දූෂණය, ජාතිවාදය සහ ගජමිතුරුකම් සම්බන්ධ අදහස් සාර්ථක නොවූ බවත් කිසිදා සාර්ථක නොවනු ඇති බවත් ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේදී තේරුම් ගනු ඇතැයි මගේ බලාපොරොත්තුවයි.”

මෙම කතාපුවත දසවසරක් පුරාවට සිය මනසේ රැඳී තිබුණු බවත් ඔහු පවසා ඇත.

වසර 1992 දී The English Patient චිත්‍රපටයෙන් ජයග්‍රහණය කළ මයිකල් ඔන්ඩාචි ට පසුව බුකර් ත්‍යාගය හිමිකරගත් දෙවන කතුවරයා බවට කරුණාතිලක මහතා පත්ව ඇත.

‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ යනු කරුණාතිලක මහතාගේ දෙවැනි නවකතාවයි. ඔහුගේ මංගල නවකතාව වන “Chinaman” සඳහා කොමන්වෙල්ත් ග්‍රන්ථ ත්‍යාගය ඇතුළු සම්මාන රැසක් හිමිවිය.

වසර 1975දී උපත ලැබූ කරුණාතිලක මහතා ගේ ගීත, කතා හා සටහන් Rolling Stone, GQ සහ National Geographic යන ජාත්‍යන්තර ප්‍රකාශන ආයතන විසින් ද ප්‍රකාශයට පත් කර තිබේ.

කලා

“කාගේද මේ මූනිස්සම්?” විමල් වීරවංශගෙන් ගීතයක්

Published

on

By

ජා.නි.පෙ නායක විමල් වීරවංශ මහතාගේ “කාගේද මේ මූනිස්සම්?” ගීතය අද (08) ජනගත කෙරිණි.

ගීතය ගායනය මෙන්ම එහි පද රචනය ද විමල් වීරවංශ මහතාගෙනි.

ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබේ.

අද උදෑසන 10.00ට YouTube අවකාශයට මුදාහල ගීතය පහත සබැඳිය ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

Continue Reading

කලා

ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණය ඉවත දමයි

Published

on

By

ඉන්දීය රුපියල් කෝටි 200ක් සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් විසින් ඉල්ලා ගොනු කළ පෙත්සම දිල්ලි මහාධිකරණය විසින් ඊයේ (03) ප්‍රතික්ෂේප කර තිබේ.

විනිසුරු අනිෂ් දයාල් ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් ඇයගේ මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇත.

ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.

ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය කිරීමට ජැකලින් සහාය දැක් වූ බව පවසමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබේ.

අදාළ විත්‍රපට ව්‍යාපාරිකයා විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් කීර්තිමත් චරිත වෙනුවෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් විවිධ අයුරින් වියදම් කර ඇති බව සඳහන්.

එහෙත් කිහිප දෙනෙක් ඔහුගෙන් තෑගි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය මේ වනවිට ජැක්ලින්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.2ක් වටිනා වත්කම් සහ ස්ථාවර තැන්පතු අත්පත් කරගෙන ඇති බව සඳහන්.

Continue Reading

කලා

සිහින නගරයට එන බොලිවුඩ් රජු

Published

on

By

City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම City of Dreams Sri Lanka මේ බව සඳහන් කර ඇත.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved