පුවත්

2023 මුල් මාස 4දී 709 දෙනෙක් රිය අනතුරු වලට බිලි!

Published

on

මේ වසරේ මුල් මාස 04 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 709 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටින්නේ වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ යතුරුපැදි ආශ්‍රිතව බවයි.

“2023 වසරේ අප්‍රේල් මාසේ 30වනදා වන විට මුළු අනතුරු සංඛ්‍යාව 8,202ක් සිද්ධවෙලා තියෙනවා. විශේෂයෙන් මාරක අනතුරු 667 වෙලා තියෙනවා. ඒ මාරක අනතුරුවලින් පුද්ගලයින් 709ක් මියගිහින් තියෙනවා. බරපතළ අනතුරු 2,160ක් සිද්ධවෙලා තියෙනවා. සුළු අනතුරු 3,201ක් සිද්ධවෙලා තියෙනවා. විශේෂයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ගත්තොත් වැඩිපුරම මියගිහින් තියෙන්නේ යතුරුපැදිකරුවන්. මියගිය පුද්ගලයින් 709 න් 220ක් යතුරුපැදිකරුවන් ඒ වාගේම මගීන් 102ක් ඉන්වා. පදිකයින් 179ක් ඉන්නවා. මේ මාරක රියඅනතුරුවලට වැඩිපුරම හේතුවෙලා තියෙන්නේ යුතුරුපැදි. දෙවනියට වැඩිපුරම අනතුරු සඳහා මූණදිලා තියෙන්නේ ත්‍රීරෝද රථ. මේ අනුව පෙනී යනවා වැඩිපුරම මාර්ගයේ සිදුවන අනතුරුවලින් සිදුවන්නේ යතුරු පැදි සම්බන්ධ අනතුරු සහ ත්‍රීරෝද රථ සම්බන්ධ අනතුරු කියලා. ඒ නිසා මේ යතුරුපැදිකරුවන් ඒ වගේම ත්‍රීරෝද රථ රියදුරන් මාර්ගයේ ධාවනය කිරීමේදී රථ වාහන නීතියට ගමන් කිරීම ඉතාම වැදගත් වෙනවා,” යැයි ඔහු පවසයි.

Trending

Exit mobile version