පුවත්

2024 දී  මගී ගුවන් යානා හා භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක්

Published

on

පසුගිය වසරේදී මෙරට ගුවන් තොටුපොළ හරහා මගී ගුවන් යානා හා භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානි ආචාර්ය සුමිත් ද සිල්වා මහතා පැවසුවේ පසුගිය වසරේදී ගුවන් මගීන්ගේ පැමිණීම හා පිටවීම මිලියන 8.88 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එය 2023 වසරට සාපේක්ෂව සියයට 17.69 ක වර්ධනයකි.

ආචාර්ය සුමිත් ද සිල්වා මහතා සඳහන් කළේ, පසුගිය වසරෙදී ගුවන් යානාවල පැමිණීම හා පිටවීම 56.289 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2023 වසරට සාපේක්ෂව 20.69% ක් වන බවයි.

භාණ්ඩ ප්‍රවාහනය මෙට්‍රික් ටොන් 192.498 ක් වන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 21.13 ක වර්ධනයක් බව ද ඔහු සඳහන් කළේය.

Trending

Exit mobile version