පුවත්

2025 පාසල් වාර කාලසටහන නිකුත් කෙරේ

Published

on

2025 වර්ෂයේ පාසල් වාර කාලසටහන අධ්‍යපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර ජනවාරි 27 වැනිදා සිට මාර්තු මස 14 වැනිදා දක්වා පැවැත්වේ.

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වැනිදා දක්වාත්, තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා සිට මැයි 09 වැනිදා තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

දෙවැනි පාසල් වාරය මැයි 14 වැනිදා සිට අගෝස්තු 07 වැනිදා දක්වා පැවැත්වෙයි.

තෙවැනි පාසල් වාරය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ අනුව පළමු අදියර අගෝස්තු 18 සිට ඔක්තෝබර් 17 දක්වාත්, දෙවැනි අදියර නොවැම්බර් 17 සිට දෙසැම්බර් 19 තෙක් පැවැත්වේ.

Trending

Exit mobile version