පුවත්

2026 සිට විභාග සහ පාසල් වාරය සාමන්‍ය පරිදි

Published

on

2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.

පාර්ලිමේන්තු සභාවාරයේදී නැගුණ පැනයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“2026 වර්ෂය ආරම්භයේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන විභාග සැලැස්ම පෙර පැවති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින බව සභාවට දැනුම් දෙන්න කැමතියි.

2020 වර්ෂය සිට ඇති වූ කෝවිඩ් 19 තත්ත්වය 2021 2022 තුළ ඇතිවුණු ආර්ථික අර්බුධය, සමාජ අර්බුධ සහ ඉන්ධන හිඟය සමග ඇති වූ ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් පාසල් වර්ෂ අදාළ වර්ෂ ඉක්මවා තිබුණත් 2025 පාසල් වර්ෂය සඳහා දින 181 ක විෂය නිර්දේශ ආවරණයට ප්‍රමාණවත් කාලයක් ලබාදෙමින් 2025 දෙසැම්බර් මාසයේදීම පාසල් කාලය අවසන් කිරීමට සැලසුම් කරලා තියෙනවා.

ඒ අනුව ඉදිරි කාලයේ නැවත පාසල් වර්ෂය යථා පරිදි පවත්වාගත හැකිවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

රජයේ අරමුණ සියළු දරුවන්ට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය ලබා දීම බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් මානව සම්පත් සංවර්ධනය, අධ්‍යාපන පද්ධතියේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ සිදුකළ යුතු විෂය මාලා ප්‍රතිසංස්කරණ තුළින් පාසල් පද්ධතිය නව සංවර්ධන වැඩපිළිවෙළකට යොමු කිරීමට අදහස් කරනු ලබන අතර .

එහිදී නව විෂය මාලා සඳහා ගුරුවරුන් සූදානම් කිරීම, ගුරුවරුන්ට නිසි පුහුණුව සහ ධාරිතා සංවර්ධනය සඳහා යොමු කිරීම තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මානව සම්පත් සංවර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

Trending

Exit mobile version