Connect with us

පුවත්

2030 වන සිට සියලුම සිසුන්ට පාසලේදී ආහාර වේලක් – ඇමති

Published

on

2030 වන විට සියලු පාසැල් සිසු සිසුවියන්ට පාසල් ආහාර වේලක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 

ඔහු මේ බව පවසා ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පාසල් ආහාර වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහ ප්‍රංශ රජයේ සහය ලබා ගන්නා බවයි. 

මෙරට සිටින මිලියන 4.2ක ශිෂ්‍ය ජනගහනයෙන් සිසුසිසුවියන් ලක්ෂ 11කට දහවල් ආහාර වේලක් මේ වන විට ලබා දෙන බව අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

(මූලාශ්‍රය : සන්ඩේ ටයිම්ස්)

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් ඉහළට

Published

on

By

ක්‍රිකට්  ක්‍රීඩකයන්ගේ ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බවත් ක්‍රීඩකයන් 41 දෙනෙක් වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ක්‍රීඩකයන් 41 දෙනා කාණ්ඩ හයක් යටතේ වර්ගීකරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

සභාපතිකම ඉල්ලා මෛත්‍රී උසාවි යයි

Published

on

By

තමාට නිදහස් පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත්දා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත.

නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මාර්ගයෙන් ගොනුකළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා නම් කර තිබේ.

වගඋත්තරකරු විසින් ගොනුකළ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත්දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අභියාචනා පෙත්සමෙන් පෙන්වා දී ඇත.

කොළඹ දිසා අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ ආකාරය නීතියට පටහැනි වන අතර එය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 77වන වියේ පසු විය.

දශක පහක පමණ කාලයක් පුරා දේශපාලන ක්ෂේත‍්‍රය ඇතුළු ජනමාධ්‍යය ක්ශේත්‍රයේ කටට්යුතු කල  ඒ.ඩී. රංජිත් කුමාර මහතා සරසවිය හා සරසි යන සතිපතා පුවත්පත්වල කර්තෘධුරය හෙබවීය.

කොස්ගස්හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු පොත් ගණනාවක කතුවරයා වන්නේද ඒ මහතාය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔහු සරසවිය චිත‍්‍රපට උළෙලේ සහ සුමති ටෙලි සම්මාන උළෙලේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කර තිබෙන ඔහු සුමති සමාගම් සමූහයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයද හොබවා ඇත.

ඔහු දිනූ සම්මාන අතරට රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය අනුස්මරණ සම්මානය, සිරිල් සී. පෙරේරා අනුස්මරණ සම්මානය, ඕසීඅයිසී සම්මානය සහ සුමතිපාල අනුස්මරණ සම්මානය ඇතුළත් ය.

ඒ.ඩී. රංජිත් කුමාර මහතා සිනමාව පිළිබඳ පර්යේෂණවල නිරත වූ ඉතිහාසඥයෙක් ලෙසද  හැඳින්වීමට හැකි මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම සිනමා මාධ්‍යවේදියෙකි.

2017 වසරේ දී ජාතික චිත‍්‍රපට සංස්ථාව වෙතින් පිරිනැමෙන සිනමා සාහිත්‍ය උදෙසා වූ ජනාධිපති සම්මානයේ හිමිකරු බවට පත්වූයේත් ඒ.ඩී .රංජිත් කුමාර මහතාය.

ඒ මහතාගේ දේහය හෙට  උදෑසන 8ට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කරනු ඇත.

රංජිත් කුමාර මහතාගේ අවසන් කැමැත්ත අනුව දේහය සෙනසුරාදා එනම් හෙට උදෑසන 10ට කොතලාවල සරසවියේ වෛද්‍ය පීඨයට බාර දීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved