පුවත්

25ට වැඩි සිවු දෙනකුගෙන් එක් අයෙක් ආඝාත රෝගීන් වීමේ අවදානමක!

Published

on

වයස අවුරුදු 25ට වැඩි සෑම 04 දෙනකුගෙන් එක් අයෙකුම ආඝාත රෝගියකු වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා පවසයි.

ආඝාත තත්ත්තවය එක් වරක් වැළදීමෙන් පසු 25%ක පමණ ප්‍රමාණයකට යළි වැළඳීමේ හැකියාව පවතින බව ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත.

මේ වන විට ලංකාවේ ආඝාත රෝගීන් ලක්ෂ 02ක් පමණ සිටින බවට වාර්තා වේ.

මෙම ආඝාත තත්ත්වයේ රෝග ලක්ෂණ ලෙස මුහුණේ එක් පසක ඇදවීම, වචන පැටලීම, අතක හා පාදයක පණ නැති වන ආකාරයක් දැනීම පෙන්වාදිය හැකිය.

තවද වයස අවුරුදු 35ට වැඩි සියලු දෙනා සුවදිවි සායන වෙත ගොස් මෙම පරීක්ෂාවන් සිදුකර ගත යුතු අතර රට පුරා ඇති ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන 800ක් මඟින් එම සායන සිදුකරනු ලබයි.

(මුලාශ්‍රය – දිවයින)

Trending

Exit mobile version