පුවත්

75 වැනි නිදහසට රුපියල් 6000 ක කාසියක්!

Published

on

75 වැනි නිදහසට රුපියල් 6000 ක කාසියක්!ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අද (09) සිට මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

එම එක් කාසියක් රුපියල් 6000ක මුදලකට පහත සඳහන් ස්ථාන හරහා මිලදීගැනීමේ අවස්ථාව හිමිවන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කාසි අලෙවිය පැමිණීමේ ප්‍රමුඛතාව මත පදනම් කරගනිමින් පුද්ගල හැඳුනුම්පතේ තොරතුරු මත එක් අයෙකුට එක් කාසියක් බැගින් අලෙවි කිරීමට නියමිතය.

ඊට අදාළ නිවේදනය පහතින්.

Trending

Exit mobile version