පුවත්

90%කින් ඉහළ ගිය රතිඤ්ඤා

Published

on

පසුගිය වසරට සාපේක්ෂව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටී.

ඔහු විසින් සඳහන් කරන ලද පරිදි මෙම වසරේදී 90%කින් පමණ රතිඤ්ඤා අලෙවිය ඉහළ ගොස් ඇත.

නමුත් මෙවර අවුරුද්දේ අහස්කූරු, විසිල් චක්‍ර වැනි අනෙකුත් ගිනිකෙළි නිෂ්පාදනයේ අඩුවක් සිදුවූ බවද දිනේෂ් ප්‍රනාන්දු මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

ගතවූ වසර කිහිපයට සාපේක්ෂව මෙවර රතිඤ්ඤා අලෙවිය සාර්ථකවී තිබෙන බවයි ඒ මහතා විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Trending

Exit mobile version