පුවත්

AIවලින් තරුණියන් නිරුවත් කළ අයෙක් අත්අඩංගුවට

Published

on

කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) මඟින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රචාරණය කිරීමේ සිද්ධින් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර උප ඒකකය මගින් පසුගිය 29 වනදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 ක් වන සාලියපුර, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Trending

Exit mobile version