පුවත්

AL පටන් ගනියි

Published

on

2023 අ.පො.ස. උසස් පෙළ උසස් පෙළ විභාගය අද (04)සිට ලබන 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

 නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පවසන්නේ විභාග මධ්‍යස්ථාන 2,298 කදී අපේක්ෂකයන් 346,976ක් මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත බවයි.

එමෙන්ම අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් වැලිකන්ද, අරලගන්විල හා දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසවල අපේක්ෂකයින් සඳහා මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ විශේෂ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවද ඔහු කියා සිටී.

මේ අතර, ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් නව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 2ක් ලෙස ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලය හා ලුණුගල මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවීමට ද විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
 

සබැඳි පුවත්:

උසස් පෙළ කාල සටහනේ වෙනසක්

Trending

Exit mobile version