ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් සත්දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරුවන් සතුව තිබී ATM යන්ත්‍රය හා පිස්තෝලයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
එම පිස්තෝලය පසුගිය වසරේ අරගල සමයේදී ගිනි තබන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතාගේ නිවසේ තිබී සොරකම් කරන ලද්දක් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.