Videos

BRI ව්‍යාපෘතියට දස වසරක් පිරීම වෙනුවෙන් කොළඹ සමුළුවක් (සජීවී)

Published

on

චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ (BRI) වැඩසටහනට දස වසරක් පිරීම නිමිත්තෙන් සමුළුවක් මේ වන විට (17) කොළඹදී ආරම්භ කර තිබේ.

“Enhancing people-to-people Bonds for High-quality Belt and Road Cooperation” (උසස් තත්ත්වයේ BRI සහයෝගීතාව සඳහා මිනිස් බැඳීම් වැඩි දියුණු කිරීම) නමින් මෙම සමුළුව  පැවැත්වේ.

මෙම සමුළුව ශ්‍රී ලංකා – චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය (ASLCSCC) සහ ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ චීන සංගමය (CAFIU) එක්ව සංවිධානය කර තිබේ.

මෙම සමුළුවේ ප්‍රධාන දේශන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක මහතා හා අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පැවැත්වීමට නියමිත අතර, එම ස්ථානයේ සිට මෙන්ම මාර්ගගත ක්‍රමයට කථිකයන් රැසක් මෙම සමුළුවට එක්වේ.

Trending

Exit mobile version