පුවත්

CIDයට කැඳවූ චමුදිතගෙන් පැය ගණනක් ප්‍රශ්න කර මුදා හරී

Published

on

කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය දැන සිටි බවට අසේල නුවන් රාජපක්ෂ නැමැති අය විසින් “ටෘෘත් විත් චමුදිත යූටියුබ් නාලිකාවේ” මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග කරන ලද ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්ණ කිරීම සඳහා දෙවන වරටත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (25) දින පෙරවරුවේ කැඳවන ලදී.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුගෙන් දිගු වේලාවක් ප්‍රශ්ණ කර, ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරව මීට සුළු වෙලාවකට පෙර මුදාහැර තිබේ.

අද පෙරවරු 9.00ට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම කැඳවීම සිදුකර තිබුණි.

මෙහිදී චමුදිත මහතාගෙන් පැය 5කට ආසන්න කාලයක්  ප්‍රශ්න කරමින්, ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන්ය.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාලව සමාජ ක්‍රියාකාරී නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගෙන තිබේ.

Trending

Exit mobile version