පසුගිය කාලයේ ආන්දෝලනයකට ලක් වූ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සේවයට එක්වීමේ දී ඉදිරිපත් කළ උපාධි සහතිකයට අදාළ විශ්වවිද්‍යාලයක් ඉන්දියාවේ නොමැති බව ඉන්දියානු බලධාරින් මෙම සතියේ මෙරටට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ව්‍යාජ සහතික ඉදිරිපත් කර ඇතැයි එල්ල වී ඇති චෝදනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති විමර්ශනයක් සඳහා ජාත්‍යන්තර පොලිසිය මාර්ගයෙන් ඉන්දියාවෙන් මේ පිළිබඳව විමසා තිබිණි.
එම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරිපත් කර ඇති උපාධි සහතිකයේ සඳහන්ව ඇති විශ්වවිද්‍යාලයක් සහතිකය නිකුත් කළ බවට සඳහන් කාලසීමාවේ පැවතුනාද? එය විශ්වවිද්‍යාලයක් ද නැතිනම් වෘත්තිය පුහුණු ලබාදෙන තැනක්ද යන්නත් තවදුරටත් ඉන්දියාවේ සහාය ඇතිව සොයා බැලීමට කටයුතු යොදා ඇතැයි ද මේ අතර වාර්තා වේ.
ජාතික පොලිස් කොමිසමද මෙයට අමතරව මෙම උපාධි සහතික සම්බන්ධව සොයා බලමින් ඇති බවද අරුණ පුවත්පත වාර්තා කර ඇත.