ලංකාවේ පෞද්ගලික සමාගමකට වසර 21ක් විදේශ ගමන් බලපත්‍ර සැපැයීමේ ටෙන්ඩරය ලබාදීම හා මිලදී ගැනීම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී දත්ත මැකී යාමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
අදාළ චෝදනා එල්ලවී ඇත්තේ එපික් ලංකා (Epic Lanka) සමාගම සම්බන්ධයෙනි.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානය කළ පැමිණිල්ලේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවී ඇතැයි කියන වංචාවන් සම්බන්ධයෙන් සඳහන්ව ඇති බවත් එම පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද මේ වන විට යොමුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කළ ලිඛිත ඉල්ලීමේ සඳහන්ව තිබේ.
එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ඉල්ලා තිබේ.
එම්.ආර්.පී (සාමාන්‍ය) ගමන් බලපත්‍ර 750,000ක් සහ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර මිලියන 4.25ක් සැපැයීම ලෙස මුල් කොන්ත්‍රාත්තුව සංශෝධනය කරමින් 2024 වසරේ සැප්තැම්බර් මස 13 වන දින ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර කොන්ත්‍රාත්තුවේ සංශෝධනයකට අත්සන් කළ බවත් සමාගම් දෙකකින් එම්.ආර්.පී (සාමාන්‍ය) ගමන් බලපත්‍ර මිලදී ගැනීම සහ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර කොන්ත්‍රාතුවට එරෙහිව අදාළ සමාගම අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර සැප්තැම්බර් මස 27 වැනිදා අතුරු ආඥාවක් ලබාගත් බවත් එම පැමිණිල්ලේ සඳහන්ව තිබේ.
එම ගමන් බලපත්‍රයක් සඳහා අදාළ සමාගමට ඇමරිකානු ඩොලර් 1.45ක් ගෙවීමට යටත්ව එම්.ආර්.පී (සාමාන්‍ය) ගමන් බලපත්‍ර සැපැයීමට ඉඩදෙමින් අතුරු තහනම් නියෝගය ඔක්තෝබර් මස 01 වැනිදා වෙනස් කළ බවත් අභියාචනාධිකරණය එම අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 18 වැනිදායින් පසුව නැවත දීර්ඝ නොකළ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
නිසි තීරණයක් නොමැතිකම හේතුවන් වත්මන් දෛනික ගමන් බලපත්‍ර අවශ්‍යතාව 4000 – 5000කට ආසන්නව තිබියදී ද දෛනිකව නිකුත් කරනු ලබන ගමන් බලපත්‍ර සංඛ්‍යාව 3000ක් පමණ වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි.
දත්ත මගඩිය…..
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී දත්ත මැකී යාමේ සිද්ධියේ චෝදනා එල්ලවී ඇත්තේ එපික් ලංකා ටෙක්නොලජීස් ආයතනයටය.
ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩය යනු මෙරට සංවේදී තොරතුරු ඇතුළත් අධිසංවේදී පද්ධතියකි. එය සුරක්ෂිත කොට රැක බලාගැනීමේ පරිපාලන වගකීම හා පැවරී තිබුණේ ICTA ආයතනයටය. එපික් සමාගම NMRA දත්ත පද්ධතියේ සේවා සැපයුම්කරුවායි.
ICTA ආයතනය සතු ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩයෙන් NMRA දත්ත මැකීයාම වාර්තාවන්නේ 2021 ජුලි 9 වැනිදායි.
NMRA සේවා සැපයුම්කරු වන එපික් සමාගම පවසන්නේ එය ඉංජිනේරුවරයෙකු අතින් සිදුවූ අත්වැරදීමක් බවයි.
ඒ අනුව NMRA හි අධිසංවේදී තොරතුරු පද්ධතියෙන් කොටසක් අහිමිව යයි.
පසුව තොරතුරු අනාවරණය වන්නේ කොවිඩ් වසංගතය හමුවේ සිදුකෙරුණු NMRA සතු සංවේදී දත්ත ගොනුවක් ද මෙලෙස අතුරුදන්ව ඇති බවයි.
නමුත් ICTA පැවසුවේ, කොව්ඩ් 19 වසංගතයට අදාළ ඖෂධ හා වෛද්‍ය උපකරණවල දත්තවලින් කොටසක් මැනුවල් හෙවත් භෞතික ක්‍රමයට රැස්කරගෙන ඇති බවයි.
නමුත් NMRA කොවිඩ් සමයේ දැන්වීම් පළ කර තිබුණේ අන්තර්ජාලය හරහා තොරතුරු ඇතුළත් කරන ලෙසයි.
එපික් සමාගම් සමූහයේ විධායක සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ආචාර්ය නයන දෙහිගම මහතාය.
සබැඳි පුවත්