පුවත්

HMPV වෛරසය ගැන ඇත්ත නැත්ත සෞඛ්‍ය ඇමති කියයි (වීඩියෝ)

Published

on

“රේටින්ස්ම නෙවේ මාධ්‍ය කියලා කියන්නේ, ලාබයම නෙවේ මාධ්‍ය කියලා කියන්නේ. මේවා රටක ජනතාවගේ ජීවිත වලට බලපාන සංවේදී කාරණා”

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (09) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසූවේ HMPV වෛරසය ආසාදනය වූ රෝගියෙකු මෙරටින් හමුවී ඇති බව පිලිබඳව මාධ්‍ය ඔස්සේ පැතිර ගිය වාර්තාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

“මම දැක්කා ඊයේ සමහර මාධ්‍ය හා එය පදනම්කර ගනිමින් සමහර සමාජ මාධ්‍ය බියක් පතුරවමින් තිබුණා පළමු HMPV රෝගියා ලංකාවෙන් වාර්තා කර ගත්තා කියලා.ඊයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවත්වපු මාධ්‍ය සාකච්ඡාව එයට පදනම්කර ගෙන තිබුණා.එහිදි මහාචාර්ය නිලීකා මලවිගේ කියපු ප්‍රකාශයක්. ඇය නිවැරදිව සඳහන් කළා මීට කලින් එවනි රෝගියෙක් වාර්තා වෙලා තිබුණා කියලා. ජනතාව බිය ගැන්වෙන ලෙස මේ මොහොතේ රෝගියකු වාර්තා වන අන්දමට සමහර මාධ්‍ය වාර්තා කරලා තිබුණා.මම ඒ මාධ්‍ය ආයතන වලට කියන්න කැමති විව්ස් වත් ,රේටින්ස් වත්, ලාභයවත් නෙමෙයි මාධ්‍ය කියලා කියන්නේ. මේවා ජනතාවගේ ජිවිතවලට බලපාන හා රටක පැවැත්මට බලපාන සංවේදී කාරණා.මේවට විද්‍යාත්මක දත්ත මත කටයුතු කරන්න ඕන….මම මේ විශේෂයෙන්ම කියන්නේ ඒ මාධ්‍ය ආයතනයට සම්බන්ධ අය මේ පාර්ලිමේන්තුවේ ඉන්න නිසා. කරුණාකරල රට ගැන හිතලා එවැනි දේවල් කරන්න එපා…තිබෙන ඇත්ත අපි කියනවා.”

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණේ වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවත් එම වෛරසය වැළඳුනු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකවම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ය.

මෙවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙක් පිළිබඳව සැක පහල වී තිබුණු නමුත්, එම පුද්ගලයාගේ පරීක්ෂණ වර්තාව ඍණාත්මක වූ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ පිළිබඳව වැඩිදුරටත් පැවසුවේ මෙසේය :

(වීඩියෝ : VoiceTube)

Trending

Exit mobile version