පුවත්

IGP තනතුරටත් ඉහලින් අලුත් තනතුරක්

Published

on

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලබන ප්‍රධාන පෙළේ සිවිල් තනතුරක් වන පොලිස් කොමසාරිස් ජනරාල්වරයාට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරෙනු ඇතැයි සඳහන් වෙයි.

මෙම තනතුරට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට හිටපු පොලිස්පතිවරයා පත් කරන ලෙසටද ජනාධිපති කාර්යාලයට තවත් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

එසේ වුවද රජයට වැඩි ප්‍රමුඛතාව ලබාදෙන්නේ අලුතින් ස්ථාපිත කරන පොලිස් කොමසාරිස් ජනරාල් ධූරය චන්දන වික්‍රමරත්න මහතාට පැවරීමට බව වැඩිදුරටත් පැවසේ.

කෙසේවුවද, පසුගියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ඇත්තේ තුන් මසකට බවද පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව වසර 150කට අධික දිර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන පොලිස් දෙපාර්තමේන්තුවේ මුල් පුටුව සඳහා සුදුස්සෙකු පත් කිරීමට නොහැකිව මාස 8 කට අධික කාලයක් මේවන විට ගතව තිබේ.

මූලාශ්‍රය – දේශය

Trending

Exit mobile version