ඇමෙරිකානු ඩොලර් මිලියන 333කින් සමන්විත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි ණය වාරිකය සම්බන්ධ තීරණය ගැනීමට මූල්‍ය අරමුදලේ පාලක මණ්ඩලය ලබන 12 වැනිදා රැස්වීමට නියමිත බව වාර්තා වේ.
බොහෝ විට මෙම ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධ අනුමැතිය එදින හිමිවනු ඇතැයි සැලකේ.
ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9කින් සමන්විත මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන තුළ මේ දක්වා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 667ක මුදලක් වාරික දෙකකදී හිමිවිය.
මෙවර ලැබෙන ණය වාරික සමඟ එම ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් දක්වා වැඩිවනු ඇත.
Verité Research හි ‘IMF Tracker’ හි නවතම යාවත්කාලීනයට අනුව, 2023 දෙසැම්බර් මාසයේදී අලුත් කරන ලද වැඩසටහන යටතේ 2024 මැයි මස අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු කැපවීම්වලින් 25%ක් සපුරාලීමට අපොහොසත් ඇති බව දැක්වේ.