පුවත්

IMF මුල් සමාලෝචනය අවසන් ; දෙවන වාරිකයට කොළ එළියක් 

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක කමිටුව විසින් ශ්‍රී ලංකාවට මාස 48ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය අවසන් කර තිබේ. 

මේ සමග IMF වෙතින් ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 337ක පමණ වන දෙවන වාරිකය වහාම නිදහස් කිරීමට ඉඩකඩ සැලසෙනු ඇත.

මෙම සමාලෝචන රැස්වීමෙන් අනතුරුව අදහස් දක්වා ඇති IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක – කෙන්ජි ඔකමුරා මහතා පවසා ඇත්තේ මෙම වැඩසටහන යටතේ සිදුව ඇති කාර්ය සාධනය සතුටුදායක බවයි.

‛‛සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වල ප්‍රථිඵල දැකීමට හැකි බවත්, ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික සලකුණුද දැකිය හැකි බවත්ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Trending

Exit mobile version