පුවත්

IMF තවත් වාරිකයක් අනුමත කරයි!

Published

on

විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සඳහා තවත් වාරිකයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර තිබේ.

ඔවුන් ඊයේ රැස්වූ අවස්ථාවේදී එය අනුමත කර ඇති අතර එසේ අනුමත කර ඇති ණය වාරිකය අමෙරිකානු ඩොලර් මිලියන 344 කි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පසු අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගත්තේ ය.

මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති සම්පූර්ණ ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.34 කි.

පසුගිය කාලය තුළ පැවැති මැතිවරණ සහ දේශපාලන පරිවර්ථනය හමුවේ ශ්‍රී ලංකාවට 4වන ණය වාරිකය අනුමත කිරීම ප්‍රමාදවී තිබුණි.

Trending

Exit mobile version