පුවත්

ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්!

Published

on

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හට විරෝධතා ජන රැළියක් අතරතුරදී වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

ඛාන් ගේ පාදයට වෙඩි වැදී ඇති මුත් ඔහුගේ ජීවිතයට අනතුරක් නැති බව ඔහුගේ පක්ෂයේ නිලඡාරීන් පවසයි.

සිද්ධියෙන් ඛාන් සමග සිටි තවත් කිහිපදෙනෙකු ද තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කඩිනමින් මැතිවරණයක් ඉල්ලමින් ඉස්ලාමාබාද් අගනුවර කරා යන විරෝධතා රැළියක් අතරතුරදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

Trending

Exit mobile version