පුවත්

 ITN ඉෂාරාගේ ලිංගික අල්ලස් ඉල්ලූ සිද්ධියට පරීක්ෂණ අරඹයි!

Published

on

ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) හිටපු ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඉෂාරා දේවේන්ද්‍ර විසින් කරන ලද ලිංගික අල්ලස් ඉල්ලා සිටීමේ පැමිණිල්ලේ මූලික විමර්ශනය ඉකුත් සතියේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පවත්වා ඇතැයි වාර්තා වේ.

නීතීඥ ස්වීනා චෑන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශනය සිදු කෙරී ඇත.

ඉෂාරා දේවේන්ද්‍ර මෙම පරීක්ෂණයට පැමිණ සිටි අතර ඇයගේ ප්‍රකාශය සටහන් කර ගන්නා ලදී. 

මූලික විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත එම නාලිකාවේ ප්‍රධානියකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට විමර්ශන නිලධාරියා තීරණය කර ඇති බව වාර්තා වේ.

එම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු විමර්ශන නිලධාරිනිය විසින් ඇයගේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මූලාශ්‍රය – මව්රට

Trending

Exit mobile version