පුවත්

OIC ලෙස පෙනී සිටි අයෙක් කතක් අපයෝජනය කර රන් භාණ්ඩත් කොල්ලකාලා

Published

on

පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටි පුද්ගලයෙකු කාන්තාවක් අපයෝජනයට ලක්කර ඇය සතු රන් භාණ්ඩ කොල්ලකෑම හේතුවෙන් මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනයට ලක්වූ කාන්තාව සම්භාහන මධ්‍යස්ථානයක සේවය කරන අතර ෆේස්බුක් හරහා මෙම පුද්ගලයා හඳුනා ගෙන ඇත.

මොරොන්තුඩුව ප්‍රදේශයේ කාමර කුලියට ලබා දෙන ස්ථානයකට පැමිණීමෙන් අනතුරුව මෙම සැකකරු විසින් තමා පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති බව පවසමින් රාජකාරි හැඳුනුම්පතක් ද පෙන්වා ඇත.

පසුව ඇය අපයෝජනයට ලක්කර, ඇය සතුව තිබූ රන් මාලයද කොල්ලකා ඇති මෙම සැකකරු පළා ගොස් තිබෙන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

එසේම මොරොන්තුඩුව පොලිසිය විසින් සිදුකළ විමර්ශන මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකෑ රන් භාණ්ඩද සොයා ගෙන ඇත.

Trending

Exit mobile version