පුවත්

Onmax DT බදු වාර්තා CIDයට

Published

on

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ බව කියන ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලික සමාගමේ (Onmax DT) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ආදායම් බදු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ඊයේ (12) නියෝග නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෝසමක් ගොනු කරමින් අධිකරණය හමුවේ කරන ලද ඉල්ලීමක් සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ඔන්මැක්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ක මණ්ඩල සාමාජිකයකු වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික, ධනංජය ජයනාත්, සාරංග ජයනාත්, ගයාෂාන් යන අධ්‍යක්ෂවරුන් ආදායම් බදු ගෙවන්නේ නම් එහි සියලු දත්ත වහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලෙස අධිකරණය නියෝග කළේය.

අධිකරණය මඟින් මීට පෙරද මෙම සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් සතු ඉඩම් හා දේපොළ තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරන ලද ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තිබෙන බවට බැංකු ගිණුම් වාර්තා අනුව තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබිණ.

සබැඳි පුවත්

Onmax සඳරුවන් ඔහුගේ ඉඩම් 20ක් එකම දිනයේ බිරිඳට හා මිතුරාට ලියලා
ඔන්මැක්ස් ලොක්කෝ කෝටි 80ක් බෙදාගෙන – CIDය අධිකරණයට දන්වයි!

Onmax DT වංචාව ගැන ජනපතිට රහස් ලිපියක්; ඇමති පුතෙකුටත් චෝදනා!

මහ බැංකු පිරමීඩ නීති හා සෙල්ලම්කරණ මේ අප්පුහාමිලා කවුද? 

Trending

Exit mobile version