පුවත්

PHI ඝාතන සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය

Published

on

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු දින 90ක් රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ, ඊට අදාල නඩුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි හමුවේ අද (01) කැදවූ අවස්ථාවේදීය.

දැනට රැඳවුම් භාරයේ සිටින සැකකරු නිරීක්ෂණය කිරීමට පැමිණෙන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය පෙබරවාරි 26 වෙනිදා කුරුඳු ගහ හැතැප්ම දිවිතුරුගම පිහිටි සිය නිවස තුළ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය ඉතා සූක්ෂ්මව, සාක්ෂි පවා විනාශ කරමින් සිදුකර ඇති බව සිදු කළ විමර්ශන වලින් අනාවරණය වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/news/phi-ඝාතනයේ-වෙඩික්කරු-බවට-සැක/
https://sinhala.srilankamirror.com/news/phi-සංගමයේ-භාණ්ඩාගාරික-වෙඩි/

Trending

Exit mobile version