පුවත්

900 සමන් 300 ට දෙන්න කතාකරන අයට නෝ චාන්ස්!

Published

on

සැමන් ටින් එකක මිල රුපියල් තුන්සියයකින් අඩු කිරීමට හැකියාව ඇතත් වැඩි මිලට වෙළෙඳපොළට නිකුත් කළ සැමන් නිෂ්පාදන තොග වෙළෙඳ පොළේ පැවැතීම ඊට බාධාවක් වී ඇතැයි දේශීය සැමන් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

මේ වන විට සැමන් ටින් එකක් වෙළෙඳ පොළේ අලෙවි වන්නේ රුපියල් නවසීයකටය. 

එය රුපියල් හයසීය දක්වා අඩු කිරීමට හැකියාව ඇත. 

ඊට හේතු වී ඇත්තේ ඉන්ධන නිසි පරිදි ලැබීම නිසා ධීවරයන් මුහුදු යාම හේතුවෙන් සැමන් නිෂ්පාදනයට අවශ්‍ය ලින්නා මාළු ලැබීමයි. 

තවද මාළු ඇසිරීමට ගන්නා හිස් ටින් එකක මිල රුපියල් දහයකින් අඩු වීමද බලපා තිබේ.

මෙරට දෛනික සැමන් පරිභෝජනය දෙලක්ෂ තිස්පන් දහසක් පමණ වේ. 

කෙසේවුවද, මාළු මිල වැඩි වීම නිසා පාරිභෝගිකයන් ටින්මාළු මිලදී ගැනීම අඩු කර ඇත. 

ඒ හේතුවෙන් දේශීය ටින්මාළු තොග තවමත් වෙළෙඳ පොළේ අවසන් වී නොමැත. එලෙස වැඩි මිලට ලබාගත් ටින්මාළු තොග වෙළෙන්දන් විසින් අඩු මිලට ලබාදීමේ අකමැත්තක් දක්වයි.

Trending

Exit mobile version