මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා හමුදා නිලධාරීන් යෙදීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඒ අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට සූදානම්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (22) එහි සියලුම ශ්‍රේණි වලට අයත් සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට ගෙන ඇති තීරණයත් සමඟය.
එහි මූලික පියවර ලෙස ඊයේ (21) සවස පනාගොඩ යුද හමුදා කඳවුරේ අනු ඛණ්ඩයක් අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ ඒකකයේ ගැලනිගම අන්තර් හුවමාරු ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ, එහි අධ්‍යක්ෂක නඩත්තු හා මෙහෙයුම් ආර්. ඒ. ඩි. කහටපිටිය මහතාගේ මඟ පෙන්වීම මත රාජකාරි කටයුතු ආවරණය කරන ස්ථාන පිලිබද අවබෝධයක් ලබා ගෙන ඇති බවද පැවසේ.
කෙසේවුවද, මීට පෙර මෙම සතිය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය මාධ්‍යට පවසා තිබිණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවාගැනීමේ පටිපාටියේ පවතින දුර්වලතා ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම පියවර ගන්නා බව එම සංගමයේ සභාපති පි.එච්. ගුණසිංහ මහතා සඳහන් කර තිබිණි.
මේ අතර, මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙකු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඉංජිනේරු සංගමය මෙතෙක් අධිකාරිය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව පවසා තිබිණි.
අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ද ඔවුන් මෙතෙක් දැනුවත් කර නොමැති බවද ඔහු මාධ්‍යට පවසා තිබූ අතර යම්හෙයකින් අසනීප නිවාඩු වාර්තා කළහොත් අතිරේක සේවකයින් යොදවා රාජකාරී ආවරණය කරන බවද සඳහන් කර තිබිණි.
මූලාශ්‍රය හා ඡායාරූපය – ලංකාදීප