කල් ඉකුත් වූ ෆසියනර් එන්නත් මාත්‍රා මිලියන හයක් පමණ මාත්‍රා (කුප්පි මිලියනයක් පමණ) පසුගිය 31 දා කල් ඉකුත්වීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 1.4ක් බව වාර්තා වෙයි.
COVID-19 ට එරෙහිව එන්නත් කිරීමේ මෙහෙයුම ආරම්භයේදී, බොහෝ දෙනෙකුට ඔවුන්ගේ පළමු සහ දෙවන මාත්‍රාව ලෙස එක්සත් ජනපදයේ නිෂ්පාදිත Pfizer එන්නත ලබා නොදුන් අතර සීමිත ෆයිසර් එන්නත් තොගය පිළිකා රෝගීන්ට සහ උතුරු සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල ධීවරයින්ට මෙන්ම විදෙස් ගතවන පුද්ගලයන්ට ලබාදීමට කටයුතු කෙරණි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සන්ඩේ ටයිම්ස් වෙත පවසා ඇත්තේ වෛරසයට එරෙහිව බූස්ටර මාත්‍රාව ලබා ගැනීමට ජනතාව දක්වන උනන්දුව අඩු බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය එක්සත් ජනපදයේ නිෂ්පාදිත එන්නත ලබාදීම අවසන් කළ බවයි.
මිලියන 8.2 ක ජනතාවක් පළමු ෆයිසර් බූස්ටර මාත්‍රාව (තුන්වන මාත්‍රාව) ලබා ගත්තද දෙවන බූස්ටර එන්නත (හතරවන මාත්‍රාව) ලබා දී ඇත්තේ පුද්ගලයින් 202,571 ක් පමණක් බව ඔහු පැවසීය.
වසංගත රෝග විද්‍යා අංශයට අනුව Pfizer එන්නත් මාත්‍රාව මිලියන 12 ක් පමණ ශ්‍රී ලංකාව තුළ ලබා දී ඇත. පළමු මාත්‍රාව ලෙස මිලියන 2.6 කට වැඩි පිරිසකට ෆයිසර් එන්නත ද, දෙවන මාත්‍රාව ලෙස මිලියන 1.1 ක් ද, බූස්ටර මාත්‍රාව ලෙස මිලියන 8.3 ක් ද, දෙවන බූස්ටර මාත්‍රාව ලෙස 200,000 කට වැඩි පිරිසකට ද ලබා දී ඇත. ෆයිසර් එන්නත් මිලදී ගැනීම සඳහා රජය රුපියල් රුපියල් බිලියන 52 ක් ගෙවා තිබුණි.
(අද)