පුවත්

STB ඩ්‍රයිවර්ලාගේ පැටිකිරිය පොතකට

Published

on

ලංගම රියැදුරන් සිදු කරනු ලබන වැරදි, ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා  සඳහන් කළේ, මෑත කාලයේ ලංගම බස් අනතුරට ලක්වීම් සළකා බලා එම අනතුරු වළක්වා ආරක්ෂිත රිය ධාවනයකට පෙළඹවීම සඳහා මේ තීරණයට එළඹි බවයි.

ඒ අනුව ලංගම රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

2023 වසරේ ගත වූ කාලය තුළ ලංගම බස් රථ සම්බන්ධ අනතුරු 218ක් සිදු වී ඇත.

ඉන් මාරක බස් රථ අනතුරු 19ක් වාර්තා වන අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ද 19කි.

මෙම අනතුරු වලට වන්දි මුදල් වශයෙන් වර්ෂයකට ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 30 – 40 කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වන බව ඔහු පැවසුවේ ය.

Trending

Exit mobile version