පුවත්

USAID කියන්නෙ ඩීප් ස්ටේට් එකේ කොටසක් ( වීඩියෝ )

Published

on

මෙරට සංස්කෘතිය විනාශ කිරීම හා ජනගහනය අවම කිරීම අරමුණු කරගනිමින් ඇමරිකාවේ යුඑස් ඒඩ් ආයතනය ඩොලර් මිලියන 7.9ක මුදලක් ශ්‍රීලංකාවට ආධාර වශයෙන් ලබා දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙරට දේශපාලඥයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඇමෙරිකාවේ යූඑස්ඒඩ් හා එන්ඊඩී ආයතනවලින් ලබාගත් මුදල් වියදම් කළ ආකාරය ආණ්ඩුව සහ විපක්ෂය රටට හෙළි කළ යුතු බවය.

යූඑස්ඒඩ් සංවිධානය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම පොදු වචන මාලාවක් ඉගැන්වීමට ඇමෙරිකා ඩොලර් මිලියන 7.9ක් වියදම් කර තිබෙන බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතයෙකු වන ඉලොන් මස්ක් අනාවරණය කර ඇති බවද වීරවංශ මහතා සඳහන් කලේය.

රෙජීම් චේන්ජ් යැයි කියමින් පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති කිරීමට, සංක්‍රාන්ති ලිංගිකයන් ප්‍රවර්ධනය කිරීමට, බෞද්ධ විරෝධී මතවාදයක් නිර්මාණය කිරීමට, මාධ්‍ය හා යූටියුබ් චැනල් පවත්වාගෙන යෑමට ඇමෙරිකානු ආයතන දෙක රුපියල් කෝටි 240කට වැඩි මුදලක් වියදම් කර ඇතැයි ද හිටපු මන්ත්‍රිවරයා පවසා තිබේ.

🔴 සමරිසි ප්‍රවර්ධනයට ආණ්ඩුවේ ලොක්කොත් සල්ලි අරන් “නෑ කියනවානම් නම් එළියට දානවා” #WimalWeerawansa #USAID #jnpsrilanka #jathikanidahasperamuna

Posted by Wimal Weerawansa on Sunday, February 9, 2025

Trending

Exit mobile version