Connect with us

පුවත්

Wikileaks වෙබ් අඩවියේ නිර්මාතෘට නිදහස

Published

on

රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ වෙබ් අඩවියක් වන විකිලීක්ස්හි නිර්මාර්තෘ Julian Assange වසර ගණනාවකට පසුව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, අමෙරිකාව සමග ඇති කරගත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති වූ එකඟත්වය මත Julian Assangeට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් මෙම නිදහස හිමිව ඇති බවය.

විකිලීස් වෙඩ්අඩවිය හරහා අමෙරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විකිලීක්ස් වෙබ්අඩවි නිර්මාතෘ Julian Assangeට එරෙහිව චෝදනා 18ක් ගොනුකර තිබුණි.

ඒ අනුව ඔහුව 2019 වසරේ අප්‍රේල් 11 වැනි දින අත්අඩංගුවට ගෙන ලන්ඩනයේ අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බෙල්මාර්ෂ් බන්ධනාගාරය වෙත යවන ලදී..

2006 වසරේදී විකිලීක්ස් වෙබ් අඩවිය ආරම්භ කළ අතර එහි යුද්ධය, ඔත්තු බැලීම සහ දූෂණය සම්බන්ධ රහසිගත තොරතුරු ඇතුළත් නිල වාර්තා ඇතුළු මිලියන දහයකට වඩා ලේඛන ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

2010 වසරේදී එය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිවිල් වැසියන් 18 දෙනෙකු ඝාතනය කරන අයුරු දැක්වෙන එක්සත් ජනපද හමුදා හෙලිකොප්ටරයක සටහන් වී තිබුණු වීඩියෝවක් නිකුත් කරන ලදී.

හිටපු එක්සත් ජනපද හමුදා බුද්ධි විශ්ලේෂක වෙල්සි මැනින් විසින් සපයන ලද රහස්‍ය ලේඛන දහස් ගණනක් ද එමගින් ප්‍රකාශයට පත් කෙරුණි.

මේවායින් පෙන්වා දී තිබුණේ, ඇෆ්ගනිස්ථානයේ යුද්ධයේදී ප්‍රසිද්ධියට පත් නොකෙරුණු සිදුවීම් වලදී එක්සත් ජනපද හමුදාව සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය කර ඇති බවය.

2019 වසරේදී, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මෙම හෙළිදරව් කිරීම විස්තර කළේ “එක්සත් ජනපද ඉතිහාසයේ රහසිගත තොරතුරු හෙළිදරව් වුණු විශාලතම සිදුවීම” ලෙසිනි.

එක්සත් ජනපද බලධාරීන්ගේ නීතීඥයින් පැවසුවේ, මෙම තොරතුරු ප්‍රකාශයට පත් කිරීමේදී ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ සිටින පුද්ගලයින් නම් කිරීමෙන් ඔවුන්ට “බරපතළ හානියක්, වධහිංසා පැමිණ වීමක් හෝ මරණය පවා අත්කර දීමේ අවදානමකට” ලක් කර ඇති බවය.

අසාන්ජ් අවධාරණය කළේ, මෙම ලිපිගොනු එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන් විසින් සිදු කරන ලද බරපතළ අපයෝජනයන් හෙළිදරව් කර ඇති බවත්, ඔහුට එරෙහිව පවරා ඇති නඩුව දේශපාලනිකව අභිප්‍රේරණය වූවක් බවය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved