Connect with us

පුවත්

දෙක එක කරන ලන්සා‍ගේ පිල

Published

on

 පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පිල ලබන 08 වැනිදා හම්බන්තොට, අම්බලන්තොට නගරයේදී මැතිවරණ ඉලක්ක කරගත් සිය සන්ධානයේ පළමු රැලිය කියමින් රැලියක් පැවැත්වීමට සූදානම්වන බව වාර්තා වේ.  

ලන්සාගේ පිල මීට මාස පහකට පෙර පසුගිය ජනවාරි 27 වැනිදා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමට පවත්වන පළමු ප්‍රචාරක රැලිය බව කියමින් ජා-ඇල දී අලුත් සන්ධානය නමින් සන්ධානයක් ද පිහිටුවමින් රැලියක් පවත්වනු ලැබීය.

ජනපති වික්‍රමසිංහ මහතා මෙයට සහභාගි වන බවට ද ඔවුන් එම රැලියට පෙර ප්‍රචාරයක් දියත් කර තිබිණි.

කෙසේවුවද, ලබන 08 වැනිදා පැවැත්වෙන මෙම රුස්වීම සංවිධානය කිරීමේදී මූලිකත්වය ගෙන සිටින්නේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාය.

මෙම සන්ධානයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය බදාදා ඔවුන් කොළඹ හෝටලයකදී රුස්ව රුස්වීම සංවිධානය කරන ආකාරය සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කොට තිබේ.

එහිදී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කලක් පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරය මහතා “ඔව් ඔව් අපි මේකෙදි පෙන්නන්න ඕනෑ අමරවීර ඇමැතිතුමාගෙ දිස්ත්‍රික්කයේ හයිය වගේම අපේ සන්ධානයේ හයිය.”  යනුවෙන් අමරවීර මහතා ට අභියෝගයක් ද ලබා දී ඇතැයි පැවසේ. 

මෙම රුස්වීම සඳහා දිස්ත්‍රික්කයෙන් පිටත පිරිස් රුගෙන ඒමෙන් වැළකිය යුතු බව පිරිස මෙහිදී තීරණය කර ඇතැයි කියැවේ. 

එසේම මෙහිදී රංගේ බණ්ඩාර සිදු කළ ප්‍රකාශය පිළිබඳවද සාකච්ඡාවක් ඇතිව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

සන්ධානයේ බොහෝ දෙනකු එම ප්‍රකාශය විවේචනය කර ඇති අතර එහිදී ජනාධිපතිවරයාගේ අදහස පිරිස හමුවේ නිමල් ලන්සා දීර්ඝව පැහැදිලි කර ඇතැයි ද පැවසේ. 

සබැඳි පුවත්
ලන්සා JVP නායකයින්ගේ බිරින්දෑවරුන්ට අමුතු කතාවක් කියයි (වීඩියෝ) 

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved