Connect with us

ඡායාරූප සටහන

චීන ‘මකර ඔරු උත්සවය’ කොළඹදී සැමරේ (ඡායා)

Published

on

චීනයේ සමරනු ලබන ප්‍රධානතම සංස්කෘතික උත්සවයක් වන ‘මකර ඔරු තරග’ උත්වසය හෙවත් ‘ඩුඅන්වූ’ (Duanwu) උත්සවය ඊයේ (18) සවස කොළඹ පෝට් සිටි ක්ලබ් හවුස් පරිශ්‍රයේදී සමරනු ලැබුණි.

මෙරට සිටින චීන ජාතිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ද මෙම අවස්ථාවට එක් වූ අතර, මෙම උත්සවය ගීතමය හා නර්තනමය අංග කිහිපයකින්ද වර්ණවත් විය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා, ‘මකර ඔරු තරග’ වල ආරම්භය සනිටුහන් කරමින් පීත්ත පටිය කැපුවේය.

ඩුඅන්වූ උත්සව සමයේදී ආහාරයට ගන්නා ‘සොන්ස’ (Zongzi) ද මෙම අවස්ථාවට එක්වූ අමුත්තන් හට පිළිගැන්වුණි. ‘සොන්ස’ (Zongzi)  යනු කොළ වල ඔතා සකසා ගන්නා ලද ඇලෙනසුළු පිරමීඩකාර බත්ගුලි වර්ගයකි. ‘සොන්ස’ තුළ ඇති පිරවුම ද චීනයේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. උතුරුකර චීනයේ සකසන සොන්ස වල පිරවුම වඩාත් පැණිරස වුවත්, දකුණුදිග චීනයේ මේ සඳහා පැණිරස දෑ වෙනුවට මස්, බිත්තර වැනි දේ යොදාගනියි.

ඩුඅන්වූ යනු චීනයේ වාර්ෂිකව පැවැත්වෙන දැවැන්තම සංස්කෘතික උත්සව සතරෙන් එකකි. මෙම අනෙකුත් සංස්කෘතික උත්සව වන්නේ චීන වසන්ත සැනකෙළිය, මළවුන් සමරන චින්මින් උත්සවය හා සරත් සමයේ පැවැත්වෙන මූන්කේක් උළෙලයි. ඩුඅන්වූ උත්සවය පැවැත්වෙන්නේ චීන චන්ද්‍ර දිනදර්ශනයේ පස්වැනි මාසයේ පස්වැනි දිනයේදීය. චීන බසින් ඩුඅන් හි අරුත ‘මුල’ වන අතර, ’වූ’ හි අරුත අංක පහ යන්නයි. එබැවින් මෙහි සරල අරුත යනු පස්වැනි මාසයේ මුල යන්නයි.

කොළඹ පැවති ඩුඅන්වූ උත්සවයේ අවස්ථා කිහිපයක ඡායාරූපද එහි ඓතිහාසික පසුබිම මෙන්ම එය නූතන චීනයේ සැමරෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද පහත දැක්වේ :

(ඡායා : ශානිකා ජයසේකර)

ඡායාරූප සටහන

ජනපති මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසයි

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය.

සෙබළුන් වෙත ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් විය.

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය. අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිහිඳු සෙත් මැදුර – සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද අදහස් හුවමාරු කර ගත්තේය. සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා, යුද හමුදා රණ සේවා හා පුනරුතථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එස් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Continue Reading

ඡායාරූප සටහන

තානාපතිවරු හත් දෙනෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

Published

on

By

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

ආජන්ටිනා ජනරජය (Argentine Republic) සිම්බාබ්වේ ජනරජය (Republic of Zimbabwe), ඊශ්‍රායලය (Israel), පිලිපීන ජනරජය (Republic of the Philippines),ටජිකිස්තාන ජනරජය (Republic of Tajikistan), කාම්බෝජ රාජධානිය (Kingdom of Cambodia) සහ ඩෙන්මාර්ක් රාජධානිය (Kingdom of Denmark) සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව සිටී.

අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

01. Mr. Mariano Agustin Caucino
මාරියානෝ අගුස්ටින් කව්චිනෝ මහතා – නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති
02. Ms. Stella Nkomo
ස්ටෙලා න්කොමෝ මහත්මිය – නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති
03. Mr. Reuven Javier Azar
රූවෙන් හවීයර් අසාර් මහතා- නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති
04. Ms. Nina P. Cainglet
නිනා පී. කයින්ග්ලට් මහත්මිය – ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති
05. Mr. Lukmon Bobokalonzoda
ලුක්මොන් බොබොකලොන්සෝඩා මහතා- නවදිල්ලියේ වාසික ටජිකිස්තාන ජනරජයේ තානාපති
06. Ms. Rath Many
රත් මැනි මහත්මිය – නවදිල්ලියේ වාසික කාම්බෝජ රාජධානියේ තානාපති
07. Mr. Rasmus Kristensen
රස්මස් ක්‍රිස්ටෙන්සන් මහතා – නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

“සුන්බුන් කොහොමද ජනවරමට අභියෝග කරන්නේ. එහෙම කරනවා නම් අපි ආණ්ඩු නෙමෙයි.”

Published

on

By

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සියලුදෙනා ජනවරමට අනුව වැඩ කිරීමට බැඳී සිටින අතර ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය හා දේශපාලන බලය යොදා ගනිමින් එම උත්සාහයන් ව්‍යවර්ථ කිරීමට කටයුතු කරන බවය.

කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ ඊයේ (14) පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

“ජනවරම කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. යම් සභාවක ඒ ජනතාව, ඒ නගර සභාව බාරදෙන්න ඕනේ කියලා කල්පනා කරන ව්‍යාපාර එකකට දෙකකට. අනිත් අය ඔය එක්කෙනෙක් දෙන්නෙක් හිටියට කමක් නෑ කියලා තෝරා ගන්නා ලද ව්‍යාපාර තියෙනවා. 

ලංකාවේ පළමු වතාවට 267ක් පළමු පාර ප්‍රාදේශීය සභා දිනලා තියෙනවා. දිනන හැම එකක්ම පිහිටු වීම ජනවරමේ අපේ අයිතිය. ඒකට අකුල් හෙළන්න, ඒකට බාධා කරන්න එනවා නම්, බාධා කරන අකුල් හෙළන අයට කියන්නේ නීතියේ ඕන තරම් ඉඩකඩ තියෙනවා කියලා මතක තියා ගන්න. 

දැන් කට්ටිය කියනවා අපේ ජනවරම ශූන්‍ය වෙලා ලු. මම ඒත් බැලුවා මේ පළාත් පාලන ඡන්දයක් පාර්ලිමේන්තු ඡන්දයට දාලා ගණන් හැදුවත් 122ක් තියෙනවා. කොහේද ජනවරම අහෝසි වෙලා තියෙන්නේ. එතැන තමා ජනවරම තියෙන්නේ. ඒ නිසා ජනවරමට අනුව අපි වැඩ කරන්න බැඳිලා ඉන්නවා. 

ජනවරමට එරෙහිව කවුරු හරි කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව, නීතිය, දේශපාලනය මේ ඔක්කෝගෙන්ම අපි වැඩකරන්න ලෑස්තියි. හදලා පුළුවන් නම් මාස තුනක් හතරක් යන්න. එච්චරයි කියන්නේ. නීතිය මදිනම් තුනෙන් දෙකක් තියෙනවා. 

සුන්බුන් කොහොමද ජනවරමට අභියෝග කරන්නේ. එහෙම කරනවා නම් අපි ආණ්ඩු නෙමෙයි.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved