ඡායාරූප සටහන චීන ‘මකර ඔරු උත්සවය’ කොළඹදී සැමරේ (ඡායා) Published 2 years ago on June 19, 2023 By editor චීනයේ සමරනු ලබන ප්‍රධානතම සංස්කෘතික උත්සවයක් වන ‘මකර ඔරු තරග’ උත්වසය හෙවත් ‘ඩුඅන්වූ’ (Duanwu) උත්සවය ඊයේ (18) සවස කොළඹ පෝට් සිටි ක්ලබ් හවුස් පරිශ්‍රයේදී සමරනු ලැබුණි. මෙරට සිටින චීන ජාතිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ද මෙම අවස්ථාවට එක් වූ අතර, මෙම උත්සවය ගීතමය හා නර්තනමය අංග කිහිපයකින්ද වර්ණවත් විය. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා, ‘මකර ඔරු තරග’ වල ආරම්භය සනිටුහන් කරමින් පීත්ත පටිය කැපුවේය. ඩුඅන්වූ උත්සව සමයේදී ආහාරයට ගන්නා ‘සොන්ස’ (Zongzi) ද මෙම අවස්ථාවට එක්වූ අමුත්තන් හට පිළිගැන්වුණි. ‘සොන්ස’ (Zongzi) යනු කොළ වල ඔතා සකසා ගන්නා ලද ඇලෙනසුළු පිරමීඩකාර බත්ගුලි වර්ගයකි. ‘සොන්ස’ තුළ ඇති පිරවුම ද චීනයේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. උතුරුකර චීනයේ සකසන සොන්ස වල පිරවුම වඩාත් පැණිරස වුවත්, දකුණුදිග චීනයේ මේ සඳහා පැණිරස දෑ වෙනුවට මස්, බිත්තර වැනි දේ යොදාගනියි. ඩුඅන්වූ යනු චීනයේ වාර්ෂිකව පැවැත්වෙන දැවැන්තම සංස්කෘතික උත්සව සතරෙන් එකකි. මෙම අනෙකුත් සංස්කෘතික උත්සව වන්නේ චීන වසන්ත සැනකෙළිය, මළවුන් සමරන චින්මින් උත්සවය හා සරත් සමයේ පැවැත්වෙන මූන්කේක් උළෙලයි. ඩුඅන්වූ උත්සවය පැවැත්වෙන්නේ චීන චන්ද්‍ර දිනදර්ශනයේ පස්වැනි මාසයේ පස්වැනි දිනයේදීය. චීන බසින් ඩුඅන් හි අරුත ‘මුල’ වන අතර, ’වූ’ හි අරුත අංක පහ යන්නයි. එබැවින් මෙහි සරල අරුත යනු පස්වැනි මාසයේ මුල යන්නයි. කොළඹ පැවති ඩුඅන්වූ උත්සවයේ අවස්ථා කිහිපයක ඡායාරූපද එහි ඓතිහාසික පසුබිම මෙන්ම එය නූතන චීනයේ සැමරෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද පහත දැක්වේ : (ඡායා : ශානිකා ජයසේකර) Related Topics:chinalkaSriLanka Trending පුවත්6 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ කලා20 hours ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා