මෙම වසරේ ශ්‍රී ලාංකීය පාසල් සිසුන් අතර ආරම්භ කරන ලද චයිනා තෲ මයි අයීස් (China Through My Eyes) වැඩසටහනේ තෑගි ප්‍රදානෝත්සවය ඉකුත් නොවැම්බර් 07දා කොළඹදී පැවැත්වුණි.
රචනා ලිවීම, චීන අක්ෂර ලිවීමේ කලාව, කඩදාසි කැපීම හා චිත්‍ර තරග වලට සහභාගී වී ජයගත් පාසැල් දරු දැරියන් 48 දෙනෙකුට මෙහිදී සහතික පත්‍ර හා ත්‍යාග පිරිනමන ලදී.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) විසින් සංවිධානය කර තිබුණි.
මෙම වැඩසටහන යටතේ ASLCSS විසින් 2024 තුළදී පාසැල් 11ක් තුළ ක්‍රියාකාරකම් මාලාවක් පවත්වා තිබුණු අතර, මෙම තරග වලට අමතරව, චීන සංස්කෘතික ප්‍රදර්ශන හා පොත් පරිත්‍යාගද ඒ අතරට එක්විය.
ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අදහස් දක්වමින් ASLCSCC හි සභාපති – ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා පැවසුවේ මෙය, වැඩිම සිසුසිසුවියන් පිරිසකගේ සහභාගීතවය සහිතව සිය සංගමය විසින් සංවිධානය කළ විශාලතම උත්සවය බවයි.
උත්සවය ඇමතූ මෙරට චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ ප්‍රධානී – ජි ලිලී මහත්මිය පැවසුවේ, මෙම උත්සවයට එක්වූ සියලුම දරුවන් අඛණ්ඩව වෙහෙස මහන්සි වී සිය අධ්‍යාපන කටයුතු වල නිරත වන අතරම, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී හුවමාරුවන් සඳහා දායකත්වය ලබා දෙනු ඇතැයි තම බලාපොරොත්තු වන බවයි.
මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස එක්වූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් – කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය දීර්ඝ කාලීන එකක් බවත්, චීනය සහ එරට සංස්කෘතිය පිළිබඳව ශ්‍රී ලාංකීය සිසුන්ට අවබෝධ කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසුණු බවත්ය.