ඡායාරූප සටහන තේ රසත් එක්ක චීන – ලංකා මිතුදම තවත් වැඩි වේවි – චීන තානාපති (ඡායා) Published 1 year ago on May 22, 2024 By editor චීන සංස්කෘතික උත්සවයක් ඊයේ (22) කොළඹදී පැවැත්වුණි. ‘Tea for Harmony – Yaji Cultural Salon 2024’ ලෙස නම් කර තිබුණු මෙම උත්සවයට දකුණුදිග චීනයේ ග්වංෂි ජුවාං ස්වයංපාලන ප්‍රදේශයේ සංස්කෘතික අංග ඇතුළත් විය. දෙරටේම නැටුම් ගැයුම් වලින් වර්ණවත් වූ මෙම උත්සවයට මෙරට පාර්ලිමේන්තු කතානයක – මහින්ද යාපා අබේවර්ධන මහතා, මෙරට චීන තානාපති – චී ජන්හෙං මහතා, තානාපති බිරිඳ වන ජින් චියැන් මහත්මිය, ග්වංෂි ජුවාං ස්වයංපාලන ප්‍රදේශයේ සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු වන ලයි ෆූචියැං මහතා, තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය. ජාත්‍යන්තර තේ දිනයේ පැවති මෙම උත්සව අවස්ථාවේදී, චීන තේ කලාව අත්විඳීමටත් අවස්ථාව ලබාදී තිබුණි. මෙම උත්සවය අමතමින් චීන තානාපතිවරයා පවසා සිටියේ තේ වගා කිරීම, නිෂ්පාදනය හා රසවිඳීම සම්බන්ධයෙන් චීනයට හා ශ්‍රී ලංකාවටද දීර්ඝ ඉතිහාසයක් ඇති බවත් දෙරටෙහි ජනතා ගේ ජීවන රටාවල පොදු සිද්ධාන්තයක් බවට පත් වී ඇති තේ පානය, ඔවුන්ව එකිනෙකාට වඩාත් සමීප කරන වැදගත් පුරුකක් බවට පත්ව ඇති බවත්ය. ඉදිරියටත්, දෙරට අතර සංස්කෘතික හුවමාරුවන් හා මිත්‍රත්වයන් තවදුරටත් ප්‍රවර්ධනයට හා ශක්තිමත් කිරීමටද තේ ඉවහල් වනු ඇතැයි තමාගේ විශ්වාසය බවත් චී මහතා වැඩිදුරටත් පැවසීය. (ඡායා : ශානිකා ජයසේකර) Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්3 days ago අජිත් අස්වෙයි ක්‍රීඩා3 days ago දඹුල්ලේදී ඊයේ නිමාවුනේ 1XBET තරගයක්? පුවත්7 days ago ප්‍රයිම් ලෑන්ඩ්ස් හි 0.5% ප්ලෑන් එක නිසා HNB ෆිනෑන්ස් තැන්පත්කරුවන් අනතුරේ? පුවත්1 week ago DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් පුවත්5 days ago පොල්තෙල් ලූස් අලෙවිය තහනම් කරන ගැසට් එකක් පුවත්5 days ago චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්