ඡායාරූප සටහන

ජනාධිපතිගේ වෘත්තීය නීතිඥ දිවියට පනස් වසරයි (ඡායා)

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී ඊයේ (03) පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දේශපාලන හා විවිධ ක්ෂේත්‍රවල නියුතු නීතිඥවරුන් දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති  නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, තිලක් මාරපන, ෆයිසර් මුස්තාෆා යන මහත්වරු උත්සව සභාව ඇමතූ අතර ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදු කළේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත්, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු රැසක් ද ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්,  මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ප්‍රමුඛ දේශපාලන ක්ෂේත්‍රය සහ නීති ක්ෂේත්‍රය නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Trending

Exit mobile version