2024 දෙසැම්බර් 23 වැනි දින, ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් පුත්තලමේ පැවති මුල්ගල තැබීමේ උත්සවයකට සහ මාධ්‍ය හමුවකට ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කමොෂිඩා නඔකි මහතා සහභාගී විය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක යන මහත්වරුන් සහභාගී වූහ.
ජපානයේ අධාර ප්‍රදානයක් මගින් අරමුදල් සැපයෙන මෙම ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය සම්බන්ධයෙන්
තත්‍ය කාලීන නිරීක්ෂණයන් සිදුකිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම සහ කාලගුණය ආශ්‍රිත ආපදා වල බලපෑම අවම කිරීම අරමුණු කරයි. කාලගුණ
විද්‍යා නිරීක්ෂණ රේඩාර් කුළුණක්, මධ්‍යම සැකසුම් පද්ධතියක් (central processing system) සහ සංදර්ශක පද්ධතියක් (display system) ස්ථාපනය කිරීම හරහා මෙය සාක්ෂාත් කරගනු ඇත. මෙම ව්‍යාපෘතිය මගින් කාලගුණ තක්සේරු වල නිරවද්‍යතාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමටත්, වඩාත්
විශ්වාසදායක අනාවැකි සහ අනතුරු ඇඟවීම් සක්‍රීය කිරීමටත්, ඉවත් කිරීමේ මාර්ගෝපදේශනයට සහය වීමටත්, එමගින් ස්වභාවික විපත්වලින් සිදුවන
හානිය අවම කිරීමටත් අපේක්ෂා කෙරේ.
උත්සව සභාව අමතා කමොෂිඩා මහතා විසින් සිදුකළ දේශනයේදී ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආපදා වැළැක්වීම සහ අවම කිරීම සම්බන්ධයෙන්
සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ජපානයේ නොසැලෙන කැපවීම ඔහු තවදුරටත්
අවධාරණය කළ අතර, මෙම ව්‍යාපෘතිය වඩාත් ආරක්ෂිත සහ වඩාත් හොඳින් ඔරොත්තුදිය හැකි සමාජයක් ගොඩනැගීමට උපකාරී වනු ඇතැයි
අපේක්ෂා කළේය.