ඡායාරූප සටහන

පළමු චීන සංචාරයක පිරිස ලංකාවට පැමිණෙයි (ඡායා)

Published

on

චීනය සිය වැසියන්ට පිටරට සංචාර සඳහා සහභාගිවීමේ සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව ලංකාවට පැමිණි පළමු චීන සංචාරක පිරිස අද (02) පාන්දර කටුනායක ගුවන් තොටුපලින් ලංකාවට පැමිණියේය.

120 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචාරක පිරිස ගොන්ජෝ සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් UL 1881 ගුවන් යානයෙන් මෙරටට ළඟා විය.

ඔවුන් එසේ පැමිණියේ දින 08 ක සංචාරයක් සඳහාය.

කොවිඩ් වසංගතයෙන් පසුව චීනයෙන් පිටතට එහි වැසියන් සංචාරකයින් ලෙස ගමන්ගන්නා මෙම පළමු අවස්ථාවේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20කට ඔවුන් ගමන් කිරීමට නියමිතය.

සබැඳි පුවත්
“විදෙස් මුදල් තරමටම චීන ජාතිකයන්ගේ මිත්‍රත්වයත් අවශ්‍යයි”
චීන සංචාරකයන්ට ඇරඹූ නියමු ව්‍යාපෘතියකට ලංකාවත් ඇතුළත් කරයි

Trending

Exit mobile version