Connect with us

ක්‍රීඩා

අමෙරිකාව සුපිරි පන්දුවාරයෙන් පාකිස්තානය පරදවයි

Published

on

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය සුපිරි පන්දුවාර සටනකින් පසු ලකුණු 5කින් ජය ගැනීමට සත්කාරක අමෙරිකාව ඊයේ (06) ඩලාස්හිදී සමත් විය.

අමෙරිකාව මේ තරගාවලියේ පිට පිට වාර්තා කළ දෙවැනි ජය මෙය වන අතර, අයිසීසී පූර්ණ සාමාජික රටකට එරෙහිව වාර්තා කළ තෙවැනි විස්සයි 20 ජයග්‍රහණය ද විය. 

මේ තරගාවලියට පෙර ඔවුන් බංග්ලාදේශයට එරෙහිව විස්සයි 20 තරග දෙකක් ජය ගැනීමට සමත් විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන පිල කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකාව ඕවර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 159 රැස් කිරීමට සමත් විය.

ඒ අනුව තරගයේ සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කළ අතර එහිදී පළමුව පන්දුවට පහරදුන් අමෙරිකාව කඩුල්ලක් දැවී ලකුණු 18ක් රැස් කළේය. පිළිතුරු පන්දුවාරය ක්‍රීඩා කළ පාකිස්තානයට කඩුල්ලක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 13ක් පමණි.

අමෙරිකානු පිළිතුරු ඉනිමට වේගවත් ආරම්භයක් දුන් නායක මොනාන්ක් පටෙල් පන්දු 38කින් ලකුණු 50ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟිනි. ආරොන් ජෝන්ස් පන්දු 26කින් නොදැවී ලකුණු 36ක් සහ ඇන්ඩ්රිස් ගෝස් පන්දු 26කින් ලකුණු 35ක් ඉනිමට එක් කළහ.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 26ක් තුළ බිඳ වැටුණු අතර, ආරම්භක පිතිකරු නායක බාබර් අසාම් සමඟ එක්වු අංක 5 පිතිකරු ශදාබ් ඛාන් පන්දු 48කින් ලකුණු 72ක සබඳතාවක් පිහිටුවමින් ඉනිම ගොඩනැඟීය. 

පන්දු 43කින් ලකුණු 44ක් රැස් කළ අසාම් දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශදාබ් පන්දු 25කින් ලකුණු 40ක් රැස් කළේ හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟිනි. 

ශහීන් ෂා අෆ්රිඩි පන්දු 16කින් වේගවත් ලකුණු 23ක් ඉනිමට එක් කරමින් කණ්ඩායම ලකුණු 159 සීමාවට රැගෙන ගියේය. 

පන්දු යැවීමේදී නොස්තුෂ් කෙන්ජිගේ කඩුලු 3ක් සහ සෞරබ් නේත්‍රවල්කාර් කඩුලු 2ක් දවා ගත්හ.

පාකිස්තානය (පන්දුවාර 20කදී) 159/7

(බාබර් අසාම් 44, ශදාබ් ඛාන් 40, ශහීන් ෂා අෆ්රිඩි (නොදැවී) 23, නොස්තුෂ් කෙන්ජිගේ 30/3, සෞරබ් ත්‍රවල්කාර් 18/2)

අමෙරිකාව (පන්දුවාර 20කදී) 159/3 

(මොනාන්ක් පටෙල් 50, ආරොන් ජෝන්ස් (නොදැවී) 36, ඇන්ඩ්රිස් ගෝස් 35)

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved