ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර බිහිවූ සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට (ICC Hall of Fame) හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.
මීට අදාල උත්සවය ලබන අඟහරුවාදා (14) මුම්බායි හි දී පැවැත්වීමට නියමිතය.
මීට කලින් මේ අතරට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් එක් විය.
එක්දින ජාත්‍යන්තර තරග හා ටෙස්ට් තරග වලදී ශ්‍රී ලංකාව අවස්ථා 401කදී නියෝජනය කර ඇති අරවින්ද, ටෙස්ට් තරග 93කදී ලකුණු 6361ක් සහ එක්දින තරග 308කදී ලකුණු 9284ක් ලබාගෙන ඇත.