ක්‍රීඩා

අසලංකගෙන් ශතකයක්

Published

on

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් විය.

ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයේදීය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නේය.

එහෙත් හුදකලා සටනක නිරතවූ නායක චරිත් අසලංක ශ්‍රීලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට කටයුතු කළේය.

එහිදී අසලංක හයේ පහර 03ක් සහ හතරේ පහර 11ක් සමඟින් සිය ශතකය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට පන්දුවාර 45ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 214ක් ලබා සිටී.

චරිත් අසලංක ලකුණු 127කට දැවී ගියේය.

Trending

Exit mobile version