Connect with us

ක්‍රීඩා

ආසියානු ක්‍රිකට් මුල් පුටුවට තියුණු තරඟයක්

Published

on

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ ජේ ෂා පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස පත් විය.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්වීමට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ධුරයට අමතරව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කලේය.

ඒ අනුව, මෙම නව පත්වීමත් සමඟ ඔහුට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ද ඉවත්වීමට සිදුවේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහුගේ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත්වීම සඳහා මේ වනවිට තියුණු තරඟයක් නිර්මාණය වී ඇති බවය.

නව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස නම් කිරීමේ තරඟයේ පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී මොක්සින් නක්වි බව වාර්තා වේ.

ක්‍රීඩා

බංග්ලාදේශය ගෞරවය රැක ගනියි

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය බංග්ලාදේශය ලකුණු 16කින් ජය ගත්තේ ය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 248ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 232ක් පමණි.

Continue Reading

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved