ක්‍රීඩා

ඉන්දියාව තරගාවලියේ ජය හිමිකර ගිනියි!

Published

on

ශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය රාජ්කොට් හිදී පැවැත්විණි.

තරගයේ ඉන්දියාවෙන් ලැබුණු ලකුණු 229 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 16.4 කදී සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුනු 137 ක් පමණි. 

පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං කඩුළු 3 ක් දවා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දසුන් ශානක හා කුසල් මෙන්ඩිස් ලකුණු 23 බැගින් ලබා ගත්තද ඒය ජයග්‍රහණයට කිසිසේත් ප්‍රමාණවත් නොවීය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුනු 228 ක් රැස්කර ගත්තේය.

සූර්යකුමාර් යාදව් පන්දු 51 කදි නොදැවී ලකුනු 112 ක් රැස් කරගත් අතර රාහුල් ත්‍රිපාති පන්දු 16 කදී ලකුණු 35 ක් වාර්තා කලේය.

මේ සමගින් ඉන්දියාව සමගින් පැවති තරගාවලිය තරග 2-1ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාව සමත්විය.

Trending

Exit mobile version