අද (10) දින ගුවාහතී හි පැවති පළමු එක්දින තරගය ලකුණු 67කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
මේ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0 ලෙස ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටියි.
ජයග්‍රහණය සඳහා ලකුණු 373ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු ඕවර 50 තුළදී රැස්කරගත හැකිවූයේ කඩුළු අටක් දැවී ලකුණු 306 පමණි.
මෙහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 113ක්ද, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 108ක් ලබාගැනීමට නායක දසුන් ශානකද සමත් විය.